බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව අද සිට විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එනම් බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර ඇත.
මෙම මෙහෙයුම සදහා ළමා හා කාන්තා කාර්යාංශයේ සහ ප්‍රජා පොලිස් ඒකකය එක්ව ක්‍රියා කරයි
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම සහ කෲරත්වයට පත්කිරීම අපරාධමය වරදක් බවත් මෙම දරුවන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමඟම මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ සඳහා මහජනතාවගේ සහාය ද අපේක්ෂා කරන අතර සැක සහිත ස්ථාන තිබේනම් 011 2433333 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




