වෙනත් හිමිනමක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ඉංගිරියේ දීපාලෝක විහාරයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එම විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය වසර තුනක කාලයක් පුරා නායක හිමිවරුන් දෙදෙනා අතර දැඩි ආරවුල් පැවති බව පරීක්ෂණවලින් හෙළි වූ බව ඔහු ප්‍රකාශ කළා.
මෙම හිමියන්ව ඝාතනය කිරීම සඳහා විහාරස්ථානයේ නායක හිමියන් විසින් පන්සලේ රියදුරුට රුපියල් මිලියන 1.1 ලබාදී ඇති බව වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ අදාළ රියදුරු පලා ගොස් ඇති අතර සිටි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
සැකකාර හිමිනම අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.