අද (08) උදෑසන සිට කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල්හි බොහෝ පාලු ස්වභාවයක් පෙන්නුම් කළ අතර ඉන්ධන පිරවුම්හල් සේවකයෝ පැවසුවේ සාමාන්‍ය දිනවල මෙන් රථවාහන බොහොමයක් ඉන්ධන ලබාගැනීමට නොපැමිණි බවයි.
දවසේ ඕනෑම වෙලාවක දිගු පෝලිම් පවා දැකියහැකි ඉන්ධන පිරවුම්හල් හි පවා හිස්ව පැවතුණි.
මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා බවද අද දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරතැයි ඇතැමුන් විශ්වාස කරන බවද ඉන්ධන පිරවුම්හල් සේවකයෙක් පැවසීය.