රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (08) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය.
සෞඛය ආරක්ෂක නීති අනුව මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින් සිදුකර තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතට මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත්වේ.