ඩුබායිහි Jebel Ali වරායේ නෞකාවක කන්ටේනරයක් තුළ ගින්නක් ඇති වී තිබෙන බව ඩුබායි රජයේ මාධ්‍ය වාර්තා කරනවා.
ඩුබායි පොලිසියේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරි පවසා තිබෙන්නේ මූලික තොරතුරු විමසා බැලීමේ දී මෙම ගින්න කුඩා ප්‍රමාණයේ බහාලුම් නෞකාවක හටගෙන තිබෙන බවයි.
ඩුබායිහි දකුණු ප්‍රදේශයේ පදිංචි ජනතාවට විශාල පිපිරීම් හඬක් ඇසී තිබෙනවා.සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ මෙම පිපිරුම නිසා ගොඩනැගිලි කිහිපයක් ද සෙලවී ඇති බවයි.
ඩුබායිහි සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් රෂීඩ් මහතා පැවසුවේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර සිසිලන ක්‍රියාවලිය ද ක්‍රියාත්මක කරමින් පවතින බවයි.