Header Ads

උණුසුම් පුවත්

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් Online ක්‍රමයට

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම අද (2) සිට ආරම්භ කරන බවයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම අද (2) සිට ආරම්භ කරන බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්‍ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ‘සරලව, සුහුරුව, කාර්යක්‍ෂමව ජනතා සේවය' බලගැන්වීමේ වැඩපිළිවෙල යටතේ මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත.

ජංගම දුරකතනය සහ පරිගණක භාවිතයෙන් මෙම සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැක. මේ සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කිරීම සඳහා වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කල හැක.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරේ එම සහතික සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇති බවයි.

https($$online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියෙන් මෙම සහතික පත් ඉල්ලුම් කළ හැකි අතර අවශ්‍ය තොරතුරු www.rgd.gov.lk වෙඩ් අඩවියෙන් සහ 011 2889518 දුරකතන අංකයෙන් ලබාගත හැක.