ඉදිරි මාස කිහිපය තුළ කොවිඩ් -19 වෛරසයේ දරුණුම තත්ත්වයන්ට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා.
'කොවිඩ් 19 වෛරසයේ බලපෑම, අවම කිරීම, අවස්ථා සහ ඔරොත්තු දීමේ ශක්තිය ගොඩ නැගීම' යන ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට පසුගිය ජූලි 31 වනදා මාර්ගගත ක්‍රමයට සම්බන්ධ වෙමින් ඔහු මෙම අදහස් පළ කළා."ගිනිකොන දිග ආසියානු කලාපයේ වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් තිබුණත් දකුණු ආසියානු කලාපය තුළ වගේම ගෝලීය වශයෙන් රෝගීන් නැවත ඉහළ යමින් තියෙනවා. මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ නව ඩෙල්ටා ප්‍රභේදය.මෙය ඉන්දියාවේ මහා විනාශයක් සිදු කළා. ඉදිරි සති කිහිපය තුළ එය ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල කරන බව පැවසීමට සිදුවීම ගැන මම බයයි" ලෙස මහාචාර්යවරයා පැවසුවා.
එන්නත්කරන වැඩසටහන් වේගවත්ව සිදු කිරීම පිළිබඳ තමා මහාචාර්ය චන්න ජයසුමන මහතාටත් පවතින රජයටත් සුබ පැතුම් එක් කරන බවත් වෛරසයට එරෙහිව සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට නම් එන්නත් මාත්‍රා එකක් පමණක් නොව මාත්‍රා දෙකම ලබාගත යුතු බවත් මහාචාර්යවරයා අවධාරණය කරනවා.
නමුත් නව ඩෙල්ටා ප්‍රභේදයෙන් ජනතාව ආරක්ෂා කිරීමට මෙම එන්නත් ප්‍රමාණවත් නොවන බවත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.