පොහොර තහනම ලිහිල් කරමින් එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට යළි අවසර දෙමින් ගැසට් නිවේදනයක් අද නිකුත් කෙරෙයි.
මෙයට ඉහත දී රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම නව ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයෙන් බලපත්‍රලාභීන් හට යූරිය ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා අවසර හිමිවනු වෙයි.
කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබුණා.
මේ තහනම අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.