ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මහතා ඊයේ (03) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව කොවිඩ් 19 වයිරසයට මුහුණදීමේදී සිය එන්නත්කරණ වැඩසටහන සිය ඉලක්කයන්ටත් කලින් සපුරා තිබීම ප්‍රශංසනීය බවයි.
තවදුරටත් එමහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට සිය එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබෙන අතර එම ඉලක්කයන් මේ වන විටම සපුරා ගැනීම අගය කළ යුතු බවයි.රටපුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙන අතර දිවා රාත්‍රී එන්නත් දීමේ මධ්‍යස්ථානද විවෘත කරමින් සිය ඉලක්ක කඩිනමින් සපුරා ගනිමින් සිටීම පිළිබඳවද ඒ මහතා ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා තිබේ.
ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ් පිළිබඳව ස්තුති කර තැබූ ට්විටර් පණිවුඩයට පිළිතුරු වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපතිතුමන්ගේ කැපවීම ගැන ස්තුති ප්‍රශංසා කරමින් යළි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
Glad to see that #SriLanka is on track to fully vaccinate 10% of its population ahead of the #VaccinEquity September target! Thanks to the Government and people of 🇱🇰 for their efforts, and continued vigilance on proven public health and social measures to suppress the virus. https://t.co/BJLUlomN4T
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) August 1, 2021
Thank you, @DrTedros. We are committed to ensuring immunity for all people of #SriLanka. Together we shall emerge victorious. https://t.co/TjulaeQQWT
— Gotabaya Rajapaksa (@GotabayaR) August 2, 2021
Thank you very much for your commitment, President @GotabayaR. @WHO will continue working closely with the government and people of 🇱🇰 to end the pandemic. #InThisTogether https://t.co/MAaiuip7Fv
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) August 2, 2021