රාගම ශික්ෂණ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ඇඳන් රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන්ට අවශ්‍ය පොදු පහසුකමි සීමා වී ඇතැයි ප්‍රතිකාර ලබන රෝගීහු සඳහන් කරති.
රෝගින් වාට්ටුවල මැද බිම නිදා ගනිමින් මහත් අපහසුතාවයකින් ප්‍රතිකාර ලබා ගැනිමට සිදුව ඇති බවත් පසුගිය දිනෙක මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද 26 වාට්ටුව මැද බිම තබා තිබූ බව ඔවුහු කීහ.
රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා පවසා සිටියේ,කොවිඩි 19 වසංගත 4 වැනි රැල්ලත් සමග රාගම ශීක්ෂණ රෝහලේ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ඇතුල් කර ගන්නා වාට්ටු දෙකේ ඇති ඇදන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රෝගින් එම වාට්ටු වලට ප්‍රථිකාර ගැනිම සදහා දෛනිකව ඇතුළු වන බවය.
මේ වන විට ඇදන් 236කින් සමන්විත වාටිටු 10ක් දැනට රෝහලේ පවත්වා ගෙන යන බවත් ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල යටතේ පාලනය වන කදාන ප්‍රාදේශිය රෝහලේ ඇදන් 114 සමග වාට්ටු තුනක්ද, සීදුව ඇදන් 600 කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද විවෘතව ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසූහ.
මේ වන විට රෝගින් රාගම,කදාන සහ සීදුව කොරෝනා මධ්‍යස්ථානයේ රෝගින් 1020 ප්‍රථිකාර ලබමින් සිටින අතර සමහර රෝගින්ට ඔක්සිජන් පවා ලබා දිමට සිදුව ඇත්තේ බිම දිගා කොටය.
අධ්‍යක්ෂක වරයා තවදුරටත් පැවසුවේ කොරෝනා ආසාදිතයන් සදහා මේ සතිය තුළ රාගම ශික්ෂණ රෝහලේ ඇදන් 28 කින් යුත් තවත් වාටිටුවක් ආරම්භ කිරිමට නියමිත අතර තම කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුලු හෙදියන් 10 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය.
රාගම ශික්ෂන රෝහලේ ශාල්‍යකර්ම,හෘද රෝගින් හා වකුගඩු රෝගින් සදහා ප්‍රතිකාර,මාතෘ සායන වැනි අනෙක් අත්‍යවශය සේවාවාවන් කර ගෙන යන අතරතුර කොරෝනා ආසාදිතයන්ටද ප්‍රතිකර ලබදෙන බව අමතක නොකල යුතු කරුණක් බවද අධ්‍යක්ෂක වරයා සදහන් කරයි.




