පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 42ක් අත්අඩංගුවට ගත් බවය.
මෙම පිරිස මහා මාර්ගය අවහිර කරමින් කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 16 ක් සිටින බව හෙතෙම කීය.මොවුන් අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, මංමාවත් පනත සහ නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.













