විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (5) පාර්ලිමේන්තුවේදී පැවසුවේ කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇති බවයි.
වයස 18ට අඩු දරුවන් දාහතරදෙනකු කොවිඩ් ආසාදනයවී මියගොස් ඇතැයිද ඇය සඳහන් කළාය.
මෙසේ කොවිඩ් ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත්18ත් අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බව වන්නිආරච්චි මහත්මිය කීවාය.
මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන් දෙදෙනෙකුද වන බව සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.
රටේ කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද ඇය ප්‍රකාශ කළාය .




