බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ බන්ධනාගාර රැඳවියන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද(05) සිට කොළඹ බන්ධනාගාර වලින් ආරම්භ කළ බවය.
කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි වැලිකඩ, මැගසීන් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.
සෙසු ප්‍රදේශ වල බන්ධනාගාර රැඳවියන්ට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම එන්නත් තොගය බන්ධනාගාර දොපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.




