කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගව ප්‍රතිකරලබන රෝගීන් මෙන් පස් ගුණයක් රෝගීන් සමාජයේ සිටීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.
දැනට පවතින මෙම තත්ත්වය පාලනයට කිරීමට නම් හැකි පමණින් සංචරණ සීමා පැනවීම කළ යුතු බවද ඇය සඳහන් කරනවා.ජනතාව පොදුවේ සෞඛ්‍ය නීති හරියාකාරව පිළිනොපදින තත්වයක් පෙනෙන්නට ඇති බවද මෙවන විට දිවයිනේ සියළුම රෝහල්වල වාට්ටු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන්කලා.




