ගම්පහ, කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙනවා.
ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් එම ග්‍රාමයෙහි වැසියන් 325 දෙනකු හට අද සවස සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයේදී ඉන් 84 දෙනකු ආසාදිතයන් බව තහවුරු ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා..
මෙම ප්‍රදේශයේ පිරිසකට උණ, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කළ බවත් එම පිරිස අතුරින් 84 දෙනකු ආසාදිතයින් බවට තහවුරුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා පැවසුවා.




