පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුළු මළ සිරුරු 45ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැන්පත් කර තැබිය හැකි මළ සිරුර සංඛ්‍යාව 12 ක් පමණක් බවත් අනෙක් සියලු ම මළ සිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 22ක් ,නාඳුනන මළ සිරුරු 5ක්, අනෙකුත් මළ සිරුරු 19ක් එලෙස තැන්පත් කර ඇති බවට තොරතුරු වාර්ත වේ.
එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළ සිරුරු නරක් වීමෙන් දුර්ගන්ධයක් හටගෙන තිබේ.
කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායනට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනෙකු සහභාගී කර ගැනීමට නොහැකි තත්වයක් ඇති වීමෙන් මෙම තදබදය නිර්මාණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසනවා.
කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා පවසනවා.
එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




