කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (06) නියෝගයක් නිකුත් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කටයුතු කළහ.
වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර අදාල සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදහස් කිරීමට නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි. ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම් දී තිබිණි.




