අද (06) දින උදෑසන චීනයේ සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
එන්නත් මාත්‍රා ලක්ෂ 10 බැගින් එක් ගුවන් යානයක අසුරා තිබේ .එන්නත් තොගය රැගත් පළමු ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (06) දින උදෑසන 09.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වී ඇති අතර දෙවන ගුවන් යානය වන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ද චීනයේ බෙයිජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (06) දින උදෑසන 09.30 ට පැමිණ තිබේ.
Despite huge domestic demand increased due to a new surge of COVID & children vaccination started, #China keeps its commitment to deliver 4 million #Sinopharm doses to #SriLanka as scheduled.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) August 5, 2021
2.14 mln on Friday (6th), 2✈️
1.86 mln on Sunday (8th), 1✈️
🇨🇳🇱🇰 #TogetherWeCan pic.twitter.com/IIwKjeQEYK




