මෙරට තුළ කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා බවසා ඇත.
අද (6) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙසේ රට වසා දැමීමක් නොකරන බව ප්‍රකාශ කර තිබේ.ඒහෙත් පවතින තත්ත්වය මත ඇතැම් තහනම් පැනවීමට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදී තීරණය කර තිබෙන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විවාහ මංගල සහ එවැනි ජනයා සමූහ වශයෙන් එක්රැස් වන වෙනත් අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර තිබේ.
ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.
උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම් උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී.
සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ.
රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම් උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී.
සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ.
රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
සියලුම රාජ්‍ය සේවකයින් කැඳවා තිබූ චක්‍ර ලේඛනය ආපසු හරවා රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතු බව දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
දැනට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය
ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට මෙම රැස්වීමේදී උපදෙස් දී
ඇත.




