සමගි ජන බලවේගයට ගොස් නැවත එක්සත් ජාතික පක්ෂයට එන පිරිස බඳවා ගැනීමේ කටයුතු හා ආසන මට්ටමින් ජනතා සංසද පිහිටුවීම තවත් කඩිනම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒජාප ජ්‍යෙෂ්ඨයන්ට ඊයේ උපදෙස් දී ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතා සංසද පිහිටුවීම සහ පක්ෂයට නැවත පැමිණෙන පිරිස බඳවා ගැනීමේ කටයුත්තෙහි නිරත වූ අතර ඊට අමතරව වයඹ සහ උතුරුමැද පළාත් වල ඉහත කටයුතු කඩිනමින් කිරීමේ වගකීම පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට පවරා තිබේ.මේ අතර දකුණු පළාතේ ජනතා සංසද පිහිටුවීමේ සහ පක්ෂයට යළි පැමිණෙන පිරිස බඳවා ගැනීමේ වගකීම පවරා ඇත්තේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාටයි.
රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් උපදෙස් දුන්නේ බස්නාහිර පළාතේ ජනතා සංසද පිහිටුවීම සහ නැවත පක්ෂයට එක්වන අය බඳවා ගැනීමේ වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායික අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙසයි.
ඒසේම උතුරු පළාතේ පක්ෂ සංවිධාන කටයුතු මෙහෙයවීමේ වගකීම තවමත් කිසිවෙකුට භාරදී නැති අතර ඒ කටයුත්ත ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂිතය.




