ගැබිණි මව්වරුන් රාජ්‍ය සේවයට කැඳවීම අත්හිටුවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමට හැකි වන පරිදි නව චක්‍රලේඛනයක් ඉදිරියේ දී නිකුත් කරන බවයි.
අද (05) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ ගැබිනි මව්වරුන් නැවත සේවයට කැඳවීම සීමා කිරීම සඳහා නව මාර්ගෝපදේශ සහ උපදෙස් මාලාවක් මේ වන විට සකස් කරමින් පවතින බවයි.
පවතින කොවිඩ් තත්වය මත ගැබිණි මව්වරුන් අවදානමට ලක් නොකිරීමට වග බලා ගන්නවා බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.
මේ අතර රජයේ පාර්යව සමග අති කරගත් එකඟතාවයන්ට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය
සමිති ඉයේ (5) ආරම්භ කළ වැඩවර්ජනය පැය 4කට පසු අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගැබිනි
නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල්
කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම උද්ඝෝෂන ක්‍රියාත්මක කර
තිබුණු අතර ඊයේ උදෑසන 7.00ට ආරම්භ කළ එම වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන
11.00ට පමණ මෙසේ නතර කිරීමට පියවර ගෙන ඇත.




