කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ ආණ්ඩුවේ නොහික්මුනු වැඩපිළිවෙළ නිසා මිස ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවන බවත් දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
මොහොතින් මොහොත ආණ්ඩුව සිය අමානුෂික මුහුණුවර ප්‍රකට කරමින් සිටින බවත් ජනතාව උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාපිලිවෙත නිසා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




