කිලිනොච්චිය පොලිසිය පැවසුවේ කිලිනොච්චිය, විලාවෝට්ටෙයි ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබි අස්ථි කොටස් කිහිපයක් හා ආරක්ෂක අංශ නිළ ඇදුමකට සමාන ඇදුම් කොටස් කිහිපයක් සොයාගත් බවයි.
ආරක්ෂක හමුදා භාවිතා කරන හිස්වැසුම් දෙකක් , යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් , මැගසින් රඳවන ඇතුළු හමුදා නිල ඇඳුම් කොටස් කිහිපයක්ද සොයාගෙන ඇත.
කුඹුරු ඉඩම් හිමියකු සිය වගා කටයුතු සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ඉඩම සකස් කිරීමේදී මෙම අස්ථි කොටස් සොයා ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ අස්ථි කොටස් පිළිබඳ කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවත් අදාල ස්ථානයේ මීට පෙර ආරක්ෂක බංකරයක් තිබී ඇති බවට සාධක හමුවී ඇති බවත් මියගිය පුද්ගලයා ආරක්ෂක අංශ සෙබළකුද නැතිනම් එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය නොවූ බවයි.




