වසර 150කට පසු ළමා මෙහෙකාර සේවය සහ ගෘහස්ථ සේවකයන් මුහුණ පාන ගැටලු සහ බලපෑම් වැළැක්වීමේ අරමුණින් 'ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත' නමින් නව පනතක් සකස් කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
ඒ අනුව සියලුම ගෘහස්ථ සේවකයන්ට නියමිත වැටුප්, අර්ථසාධක හා සේවක භාරකාර දීමනා මෙන්ම පාරිපෝෂිත දීමනාවන් ද ලැබෙන අකාරයට මෙම නව පනත සකස් කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.එමෙන්ම ළමයින් කෲරත්වයට පත්කිරීම,ළමා මෙහෙකාර සේවය, ළමුන් ධීවර කටයුතුවල යෙදවීම වැනි භයානක රැකියා 20 ක් අන්තරායකර රැකියා ලෙස ගැසට් කිරීමටත් ඒ සඳහා වන නව නීති සකස් කිරීමටත් අදාළ ව කම්කරු දෙපාර්තමේන්තුව විසින් නව පනතක් සකස් කර තිබෙන බව වාර්තා වනවා.




