පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙරට ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍ය ජාලවල හා අන්තර්ජාලය තුළ මේ දිනවල සංසරණය වන පුවතේ කිසිඳු සත්‍යතාවක් නැති බවයි.
මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යජාලවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ බවත් ඒ මහතා සදහන් කළේය.
අදාළ අසත්‍ය පුවත 2019 වසරේ අප්‍රේල් මස 25 වනදා යම් පුද්ගලයෙකු විසින් යවන ලද පණිවුඩයක් බවත් ඔහු නැවතත් එම අසත්‍ය පණිවුඩය බෙදා හැරීමක් සිදුකර ඇති බවත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා විසින් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.
එම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලවීමක් අවශ්‍ය නොවන බවත් අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.




