රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් වසර 14කට පසු ඉහළම බ්‍රෙන්ට් බොරතෙල් මිල ඊයේ (06) වාර්තා වුණා.
ඒ බොර තෙල් බැරලයක මිල ඩොලර් 139 ක් ලෙස ඉහළ යාමත් සමඟයි.
ඒ අනුව පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 33% කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් රුසියානු තෙල් ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඉරිදා (06) ප්‍රකාශ කළා.
එමෙන්ම යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර කරන ලෙස ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ "රුසියාවේ තෙල් සහ ගෑස් වලින් හමන්නේ යුක්රේනියානුවන්ගේ රුධිරයේ සුවඳ" බවයි.
(බී.බී.සී.ඇසුරිනි)අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



