කොග්ගල මෝදරගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනාම ධීවරයින් වන අතර බෝට්ටුවක් සම්බන්ධයෙන් කලක පටන් පැවැති ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතුව බව පොලිසිය පවසයි.
ඒ අනුව අද (07) අළුයම බීමතින් පැමිණි සැකකරු සිය සහෝදරයාට පහර දී අසල පිහිටි කොග්ගල ඔයට දමා ඇති අතර කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් පලා ගොස් ඇති අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



