ශ්‍රී දළදා මාලිගාවේ මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩමවන නැදුන්ගමුවේ ඇත් රාජා අද (07) අළුයම මියගොස් තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි නැදුම්ගමුවේ රාජා හස්තියා මිය යන විට 69 වන වියේ පසුවුණා.
ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැදුම්ගමුවේ රාජා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව යටතේ ජීවත් වුණා.
රෝගාතුර ව සිටිය ද පසුගිය වසරේද ඇසළ පෙරහර මංගල්‍ය සඳහා පාගමනින්ම මාලිගාවට වැඩම කිරීම මෙම හස්තියා සතු විශේෂ ලක්ෂණයක්.
ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ ගෞරවයට පාත්‍ර වූ නැදුන්ගමුවේ හස්තියා දළදා මාලිගාවේ කරඬුව වැඩම වූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් උතුම් දළදා කරඬුව වැඩම කරවූ හස්තියා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



