අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 7 වනදා නිවාඩු ලබා දුන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (07) සිට යළි ආරම්භ කෙරෙනවා.
කෙසේ වෙතත් පන්ති කාමරයක ළමුන් 20ට වඩා අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසත් පන්ති කාමරයක සිසුන් 20ට වැඩි පාසැල්වල සිසුන් කාණ්ඩ දෙකක් යටතේ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම සිසුන් 40 ට වැඩි පන්ති කාමරවල කාණ්ඩ තුනක් යටතේ පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ සහිත දරුවන් පාසැල් යැවීමෙන් වළකින්න ලෙස කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මවුපියන්, ගුරුවරුන්,පාසල් බස් රථ රියදුරන් සහ සහායකයන් පූර්ණ එන්නත්කරණය ට ලක් වී සිටීම වැදගත් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



