යුක්රේන රුසියා අර්බුදකාරි තත්වය හමුවේ ශ්‍රී ලංකාව තුන තාවකාලිකව යුක්රේන තානාපති කාර්යාලයත් කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍යංශය පවසයි.
මෙරට රැඳී සිටින 4000ක පමණ යුක්රේන ජාතිකයන්ගේ වීසා ඇතුළු අනෙකුත් ගැටලු විසඳීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව සංචාරක අමාත්‍යාංශ ලේකම් ආචාර්ය එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
ඉදිරි සතිය තුළ නව තානාපති කාර්යාලය පිට වනු ඇති අතර ශ්‍රී ලංකාවේ තීරණය සම්බන්ධයෙන් යුක්රේනය ස්තූතිය පළ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත් වීසා ඇතුළු අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු දිල්ලියේ ක්‍රියාත්මක වන යුක්‍රේන තානාපති කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



