ගල්ගමුව මහානාන ප්‍රදේශයේ නිවසක තිබී දස හැවිරිදි පිරිමි දරුවකුගේ සහ තවත් මළසිරුරු දෙකක් ඊයේ (06) රාත්‍රියේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම මළසිරුරු 28 හැවිරිදි කාන්තාවකගේත් ඇගේ පුතාගේ සහ එම කාන්තාවගේ අනියම් සැමියාගේ බවට හඳුනාගෙන ඇති බවයි.
පෙරදා රාත්‍රියේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා මෙම කාන්තාව සහ ඇගේ පුත්‍රයා මරා දමා පසුව ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.
මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත.
නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවටයි සැක කෙරුණේ.
මේ අතර මිය ගොස් ඇති කාන්තාවගේ 5 අවුරුදු දරුවා අසල නිවසකට දුවගොස් දිවි බේරාගෙන ඇත.
මේ අතර ඒම නිවසේ තීබි සටහනක් හමුවී තිබෙනවා ඒ හමුවූ සටහන මියගිය කාන්තාවගේ අනියම් සැමියා විසින් සටහන් කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.






