බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් දකුණු , වයඹ සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්රික්කයේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.




