සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ ගත් තරුණයෙකු යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී එම පාලමෙන් වැටී මියගොස් ඇත.
යාපනය පොලීසිය පැවසුවේ ඊයේ සවස මෙම තරුණයා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මුහුදු ජලයට වැටී ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර අද (09) උදෑසන සොයාගත් බවයි.
අසල්වාසීන් පවසන පරිදි පන්නෙයි පාලම මතට නැගගත් තරුණයා අත තිබූ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ ගනිද්දී පය ලිස්සා එකවරම පාලමෙන් පහලට වැටී ඇත.
යාපනයේ පදිංචි 31 හැවිරිදි ගෞතමන් නැමති තරුණයා මෙලෙස පාලමෙන් වැටී මිය ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් පාලමෙන් වැටී ඇත්තේ මුහුදු රළ සහිත ප්‍රදේශයකට වන අතර මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වැටුණු තරුණයා සෙවීමට නොහැකිවීමෙන් පොලීසියට දැනුම් දී ඒ බව නාවික හමුදා නිලධාරීන්ටද දැනුම් දී තිබේ.
පාලමෙන් වැටුණු තරුණයා නාවික නිලධාරීන්ගේද සහයෙන් පැය කිහිපයක් සෙවීම සිදුකිරීමෙන් පසුව අද අලුයම් කාලයේදී සිරුර සොයාගැනීමට නාවික සෙබලුන් සමත්ව ඇත.







