අද දින (12) ගිනිගත්හේන නගරයට ඉහලින් වු පස් කදු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් හැටන් මහනුවර සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග මෙම තත්වය හට ගෙන ඇතයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රන්ජිත් අලහකෝන් මහතා පවසයි.
ගිනිගත්හේන පොලසිය පැවසුවේ ගිනිගත්හේන නගර මධ්‍යයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් මතට පස් කන්දක් කඩා වැටි ඇති බවයි.
ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටි ඇත. කඩා වැටි ඇති පස් ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධිකාර කාර්යාලයේ නිලධාරින් විසින් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසිය.
වටවල පොලිසිය පැවසුවේ හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යටවි ඇති බවයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.