රත්නපුරය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග කලූගඟේ සහ කුරුගඟේ ජල මට්ටම් සීග‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. අද පෙරවරු 11.45 වනවිට කලූ ගඟේ ගංවතුර අවදානම් මට්ටම වූ මීටර් 5.2 ඉක්මවා ගියේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කුරුවිට නගරයේ කුරුගඟේ පාලම මත ජල මාපකයේ දත්ත හෙළිකර සිටියේ කුරුගඟේ ජල මට්ටම පැය හතරක් තුළ අඩි දහතුන හමාරකින් ඉහළ ගිය බවය. පෙරවරු අට වනවිට අඩි පහ හමාරක් වූ කුරුගඟේ ජල මට්ටම දහවල් 12.30 වනවිට අඩි 19 පමණ විය.කලූ සහ කුරු ගංගාවල ජල මට්ටම් තවමත් ඉහළ යමින් පවතින අතර එරත්න ප‍්‍රදේශයේ දී කුරු ගඟේ ජල මට්ටම ඉහළ නැගීම මීට අවුරුදු විස්සකට පෙර ඇතිවූ තත්ත්වයකට සමාන වූ බව ප‍්‍රදේශවාසීන් කීවේය. පලාබද්දල ප‍්‍රදේශයේ දී කලූගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පලාබද්දල පාලමට උඩින් ජලය ගලාගිය බවත් මෑතකදී කලූගගේ වැඩිම ජල මට්ටම පලාබද්දලදී දුටු බව ද ප්‍රදේශවාසීන් කීහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




