වෙළඳපලට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් හරහා එල්.පී.
ගෑස් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල
මහතාට බලය පවරා තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 5 ක් පමණ ප්‍රමාණය ලිට්‍රෝ සහ සහ ලාෆ් ගෑස් සමාගම්වලට ලබාදෙයි. බලශක්ති අමාත්‍යාංශය විසින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ කර තිබේ.
එම ඉදිකිරීමෙන් පසුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට ලබාපොරොත්තු වන බවයි.




