ලාෆ් ගෑස් පාරිභෝගිකයන් බලවත් අපහසුතාවට පත්ව ඇති පසුබිමක ඒ පිළිබඳ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ස්ථාවර පාරිභෝගිකයන් ලක්ෂ 20ක් පමණ සිටින මෙම සමාගම මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකිරීම මත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම නවතා දැමීම සදාචාර විරෝධී ක්‍රියාවක් මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනත යටතේ නීතිමය වරදක් ද වන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම නිසා පාරිභෝගික ජනතාවට පමණක් නොව ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව මන්ත්‍රීවරයා පවසනවා.
පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන මෙම තත්ත්වයට කඩිනම් පිළියමක් ලබා දෙන ලෙස සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත ඉදිරිපත් කළ නිවේදනයේ සඳහන් වනවා.




