දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා පවසයි.
ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් පරිසර හිතකාමී තරුපහේ හෝටලයක් ලෙස ජනාදරයට පත්ව තිබූ මෙම හෝටලය කාමර 150කින් යුක්තය.
සේවකයන් හාරසියයකට අධික පිරිසක් ද ඊට අමතරව හෝටලයට විවිධ සේවාවන් සපයමින් වක්‍රාකාරයෙන් 2000 පමණ දෙනා ජීවත් කරවූ සංචාරක හෝටලය මේ වන විට ජනශුන්‍ය තත්ත්වයට පත්ව තිබෙන අතර මේ වන විට සේවකයන් කිහිප දෙනකු හෝටලයේ නඩත්තු කටයුතු පමණක් සිදු කරමින් සිටිති.
කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වයිරසය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීම් හමුවේ දේශීය සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා දිගින් දිගටම කණ්ඩලම හෝටලය පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමක පැමිණීම නිසා වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළ බවය.
ඉකුත් කොරෝනා කාල සීමාවේ සෑම සේවකයකුම නඩත්තු කරගෙන එම අයගේ වැටුප් ආදී සියල්ල ලබා දී හෝටලය පවත්වාගෙන ගිය බවත් දිගින් දිගටම එවැනි අති විශාල මුදලක් වියදම් කරමින් හාරසියයකට අධික සේවකයන් පිරිසක් නඩත්තු කර කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.




