කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ අද (17) පියවර ගත්හ. රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට කේසර වීදිය වඩාත් ප්‍රසිද්ධය.
කේසර් වීදියේ කඩ හිමියෝ පවසන පරිදි කේසර් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවදානම යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවය. එමෙන්ම මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර පිටකොටුවේ අනෙකුත් වෙළඳසැල් වසා තබන්නේ ද නැද්‌ද යන්න පිළිබද අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්භල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇත.



