ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බැවින් රට වසා දැමීමක් නොකරන අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
සම්පූර්ණයෙන් රට වසා දැමීමක් කළහොත් එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දීම හා ආර්තිකය පවත්වාගෙන යා නොහැකි තත්වය සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇති බව ද සඳහන්.
එන්නත්කරණය කඩිනමින් කර කෝවිඩ් වසංගතය පාලනය සිදුකර යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර තිබෙනවා.




