චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේ කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන ඇති බවයි. අද (20) සිට බලපැවත්වෙන පරිදි එහි පාලනාධිකාරිය මෙම පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පානාධිකාරියේ බලධාරීන් පියවර ගෙන ඇති අතර බංග්ලාදේශය , කාම්බෝජය ,ප්‍රංශය ,ග්‍රීසිය ,ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවේ වෙති.
ලංකාව ඇතුළු මෙම රටවල් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බවත් , එම රටවල් වලින් ඉතාම කෙටි කාලයක් තුළ කොරෝනා ආසාදිත විශාල රොගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග හොංකොං පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.