සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයෙන් සියලු සාප්පු සංකීර්ණ වසා දැමිය යුතු බවට දැනුම් දී තිබිණ.
නමුත් එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය අද යළිත් වරක් සංශෝධනය කරමින් සාප්පු සංකීර්ණ විවෘත කිරීමට යළි අවසර ලබා දී ඇත.
සියලු සාප්පු සංකීර්ණ විවෘත කළ හැකි බවත් වරකට ඒවායේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළු කරගත හැකි බවත් එම නව සංශෝධනයෙන් දැනුම් දෙයි.
එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ කොවිඩ්වලින් ආරක්ෂාවීමට ගත යුතු සියලු පියවර ගත යුතු බවත් ආයතනයට ඇතුළත් කරගන්නා පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.