අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලසීමාව තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව තිබෙනවා.
මෙයින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව දිවුලපිටිය - 260 ක්, බියගම - 206 ක්, මහර - 205 ක්, දොම්පෙ - 198 ක්, ජාඇල - 165 ක්, මිනුවන්ගොඩ - 157 ක්, කැලණිය - 148 ක්, මීරිගම - 94 ක්, වත්තල - 84 ක්, රාගම - 81ක්, අත්තනගල්ල - 65 ක්, මීගමුව - 64 ක්, කටාන - 43 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් - 13 දෙනෙකු වශයෙන් ආසාදිතයන් හමුවීම සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙබ් අඩවියෙහි සඳහන් වනවා.
පැය 24 ක කාලය තුල කටුනායක ආයෝජන කලාපයෙන් - 52 ක්, බියගමින් - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව හය දෙනෙකු වශයෙන් දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 70 දෙනෙකු හමුව ඇත.
රෝහල් වෙත ආසාදිතයින් 437 දෙනෙකු ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 52 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකල බවත් දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 449 දෙනෙකු බවත් වෙබ් අඩවියෙහි සඳහන්.
මෙයට අමතරව ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 29,964 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කල බවද සඳහන්වේ.