රට දැවැන්ත අභියෝගයකට මුහුණු දෙමින් පවත්න බවත් මිය යන රෝගීන් ගණන ඉහලයමින් පෙර නොවූ අයුරින් සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් මඟින් ඉල්ලීමක් කර ඇත.
මම ලිපිය මගින් යෝජනා 7 ක් ඉිදිරිපත්වී ඇති අතර එන්නත්කරණ ඩැඩසටහන සම්පූර්ණ වීමට පෙර රට විසාලා මහනුවරක් වීමට ඉඩ ඇති බැවින් ඒන්නත්කරන වැඩසටහන වේගවත් කිරීමට හා කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නැයි ද මෙම යෝජනා වලට ඇතුලත් වීඇත.
මේ සඳහා අතුරලියේ රතන හිමි ( අපේ ජනබල පක්ෂය) , වාසුදේව නානයක්කාර ( ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ),තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය),විමල් වීරවංශ(ජාතික නිදහස් පෙරමුණ), උදයගම්මන්පිල(පිවිතුරු හෙළ උරුමය,ඒ එල් එම් අතාවුල්ලා ( ජාතික කොංග්‍රසය) ,ටිරාන් අලස් ( එක්සත් මහජන පක්ෂය) ජී වීරසිංහ( ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂය), අසංක නවරත්න( ශ්‍රී ලංකා මහජන පක්ෂය) ,ගෙවිදු කුමාරතුංග ( යුතුකම ජාතික සංවිධානය) යන අය අත්සන් තබාඇත.