අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත.කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා රටවසා තබනු ඇති බවයි.
කෝවිඩ් මර්ධන කමිටුව අද සවස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
මෙම කමිටු රැස්වීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද මෙම කමිටුවට සහභාගී වී ඇති අතර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙමගින් කිසිදු බාධාවක් නැතැයි ද එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස ජාතිය ඇමැතීමට නියමිතය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




