විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.
19 වැනි දා සිට බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්විය යුතුය.
එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වේ.
එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයකු පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ දැක්වෙන බවයි.
පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවූ අයකු නම් දින 14 ක කාලයක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව උපදෙස් මාලාවේ සදහන් වේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




