ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩු මට්ටමකට පත් වීමෙන් අසීරු තත්ත්වයකට පත්ව සිටින බවයි.
රුධිර සංචිත අඩු වීමෙන් රුධිර පාරවිලන මධ්‍යස්ථානය සති කීපයක් සිට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමග රුධිර පරිත්‍යාගය කිරීමේ ස්වේච්ඡා වැඩසටහන් ද අවලංගු විය. ඉන්පසුව ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තවදුරටත් අපහසුතාවයට පත්ව ඇති බව වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සදහන් කළේය.
රුධිරය වෙනත් භාණ්ඩ මෙන් කාලයක් ගබඩා කර තබා ගත නොහැක. රතු රුධිරාණු දින 30 ත් 35 ත් අතර කාලයක් ද රුධිර පට්ටිකා දින හයක පමණ කෙටි කාලයක් ද ගබඩා කර තැබිය හැකි බවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග ඉදිරියේදී ඇතිවන රුධිර ඉල්ලුම මත ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අභියෝගය දැඩිව වැඩිවනු ඇතැයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




