බන්ධනාගාරගත රිෂාඩ් බදියුදීන් ගෙන් වෛද්‍යවරයකුට මරණීය තර්ජන

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවෙල මහතා පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත් 15 වැනිදා තමන්ට බැණ, මරණීය තර්ජනය කළ බවයි. පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

වෛද්‍යවරයා විසින් මෙම සිද්ධියට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත. පසුව පොලිස් බලප්‍රදේශයට අනුව බොරැල්ල පොලිසියට ද ඊයේ (21) මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ බොරැල්ල පොලිසියේ පැමිණිල්ලට අදාළව විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් තම කොට්ඨාසයට බාරගෙන සිද්ධියට අදාළව පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් සටහන් කරගත් බවය.

වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් පරිදි “තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගේ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය බැණ තර්ජනය කළ බව සඳහන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තමන් ඉකුත් 15 වැනිදා බන්ධනාගාර ඩිස්පැන්සරියේදී රැඳවියන් සඳහා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී යම් තැනැත්තකු අනවසරෙන්, බලහත්කාරයෙන් එම කාමරයට ඇතුළු වී ඇති බවත්, අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහු කැඳවන බැවින් වහාම පිටතට යන ලෙසට ඒ අවස්ථාවේදී තමන් එම තැනැත්තාට පැවැසූ බවත් පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

තමන් එසේ පැවැසුව ද කාමරයෙන් පිටතට නොගිය එම තැනැත්තා, “ඔයා මහා ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒගොල්ලෝ මගෙන් අහනවා මට මොනවා ද ඕනෑ, නීතියට පිටින් හරි ඕනෑ උදව්වක් කරන්නම් කියලා. උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෑ නැහැ.” යනුවෙන් තමාට බණිමින් සිටි බව පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන් ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්” යනුවෙන් ද කියමින් තමාට තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැණ වදිමින් ආවේගශීලීව හැසිරුණු මෙම තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තමන් දැන නොසිටි බවත් බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළ රිෂාඩ් බදියුදීන් යන අය එලෙස හැසිරෙන අවස්ථාවේදී රැඳවියකු සහ බන්ධනාගාර නිලධාරියකු ද එහි සිටි බවත්, ඔහුගේ තර්ජනාත්මක බැණ වැදීම ඇසී බන්ධනාගාර නිලධාරීන් තවත් තිදෙනකු ද ඩිස්පැන්සරිය තුළට පැමිණ සැකකාර හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවත් පොලිසිය සඳහන් කරයි.

පොලිසිය තවදුරටත් සඳහන් කළේ සැකකාර හිටපු අමාත්‍යවරයා එම අවස්ථාවේදී තමාට තර්ජනාත්මකව බැණ වැදී මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමාට දැඩි ලැජ්ජාවක්, පිළිකුලක් මෙන්ම දැඩි මරණ බයක් ද ඇති වූ බවත්, මෙම සිද්ධිය ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රැඳවියන් ද බලාගෙන සිටි බවත් සඳහන් කර ඇති පැමිණිලිකාර වෛද්‍යවරයා, තමාගේ මෙන්ම තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ල කරන බවත් සඳහන් කර ඇති බවයි.

පොලිස්පතිතුමාට බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන්  ද කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (22) කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගෙන ඇත.

සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝග ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

ඊයේ (22) මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ මැගසින් බන්ධනාගාරයට ගොස් ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බන්ධනාගාරගත රිෂාඩ් බදියුදීන් ගෙන් වෛද්‍යවරයකුට මරණීය තර්ජන
බන්ධනාගාරගත රිෂාඩ් බදියුදීන් ගෙන් වෛද්‍යවරයකුට මරණීය තර්ජන
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTSVe7K2k1r4qXQ10WEBiMV0EHU4WkoJprVdgoSBDCONbmkrhrH8RnDXy6wpetOUjYISyeRxk53NnJe_pgibrgMjXTkoGm5_NUB5hyphenhyphenP7i1rG3mlr6rsFUYBr0ulVS7maaTEyn0boOyWPE/s16000/prisoner-rishad-bathiudeen-threatens-a-doctor-with-death.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTSVe7K2k1r4qXQ10WEBiMV0EHU4WkoJprVdgoSBDCONbmkrhrH8RnDXy6wpetOUjYISyeRxk53NnJe_pgibrgMjXTkoGm5_NUB5hyphenhyphenP7i1rG3mlr6rsFUYBr0ulVS7maaTEyn0boOyWPE/s72-c/prisoner-rishad-bathiudeen-threatens-a-doctor-with-death.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/23-prisoner-rishad-bathiudeen-threatens-a-doctor-with-death.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/23-prisoner-rishad-bathiudeen-threatens-a-doctor-with-death.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content