දස හැවිරිදි පාසල් සිසුවකු පසුගියදා නිවසක ඉදිරිපස ‘වැරැණ්ඩාව’ ඉදිකිරීමට සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක සාරියක් ගැටගසා ඔංචිලි පදිමින් සිට ඇත. එහිදී හදිසියේම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී පෙරළී ඊට යටවී එම ස්ථානයේදීම එම දරුවා මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
හෙට්ටිආරච්චිගේ කවිදු දිල්හාර නමැති මෙම දරුවා බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලි මානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක බාල දරුවාය.
වැඩිදුර පරීක්ෂණ සඳහා මළසිරුර හොරණ මූලික රෝහල වෙත යවා ඇති අතර හදිසි මරණ පරීක්ෂණය බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක චිරාත් භාරත බුලත්සිංහල රෝහලේදී සිදුකළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.