සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ දහයක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ මහතා පවසයි. කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවීම නිසා මෙසේ අංශ දහයක් වසා දමා ඇත.
මෙසේ වසා දමා ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් අංශය, පර්යේෂණ අංශය, විගණන අංශය, ආයතන අංශය, ගිණුම් අංශය, පරිගණක අංශය, නීති අංශය ඇතුළු අංශ දහයකි. මෙම අංශවලින් සියයට අනුවක් පමණ මේ අනුව වසා දමා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙයට අමතරව කොවිඩ් අවදානම හේතුවෙන් සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශයද රටපුරා සුරාබදු ස්ථාන කිහිපයක්ද වසා දමා ඇති අතර කොවිඩ් ආසාදනයවීමෙන් සුරාබදු නිලධාරියකු ද මියගොස් ඇති බවයි.
කොවිඩ් අවදානම මධ්‍යයේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ කිහිපයක කටයුතු අවම නිලධාරීන් සංඛ්‍යාවක් කැඳවා කරගෙන යන බව කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.